ලේකම් පණිවිඩය !
ලේකම් පණිවිඩය
වත්තල මාබෝල නගර සභා බල ප්‍රදේශයේ ජීවත් වන ප්‍රජාවට නවීන තාක්ෂණය උපයෝගී කරගෙන සේවා සංස්කෘතියේ විශිෂ්ඨත්වය උදෙසා නිල වෙබ් අඩවියක් නිර්මාණය කිරීමට ලැබීම අතිශය සතුටට කරුණකි. අපගේ මෙම සේවාව හා සම්බන්ධ වන ලෙස නගර සභා බල ප්‍රදේශයේ සියළු ප්‍රජාවට කාරුණිකව ආරාධනය කරමි.
මෙම සේවාව තුලින් ඔබ වෙත තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කර ඇති අතර නිවසේ සිටම දුරකථනය, පරිඝණකය සහ අන්තර්ජාල පහසුකම් භාවිතා කර අවශ්‍ය තොරතුරු කඩිනමින් ලබාගැනීමට හැකිය. තොරතුරු ලබාගැනීම පමණක් නොව අපගේ සේවාවන් පිළිබඳ ඔබට ඇති වන ගැටළු , ඔබගේ අදහස් හා යෝජනාද අප වෙත ලබාදීය හැකිය.
වර්තමාන ප්‍රජාවට තොරතුරු රහිතව ජීවත්වීමට නොහැකි තරම්ය. එබැවින්, මෙතැන් සිට මෙම සේවාව හා ඔබ අප සමග බැදී සිටිනු ඇතැයි විශ්වාස කරමි. නවීන තාක්ෂණය භාවිත කරගනිමින් සේවාවන් වැඩිදියුණු කිරීමට අප දරන මෙම උත්සාහය සාර්ථක වේවායි පතමි.
ඵලදායිතා සංකල්ප වලට අනුගත වූ විශිෂ්ඨ සේවා සැපයුමක් ලබාදීමට ආයතන අභ්‍යන්තරය තුල තාක්ෂණික උපකරණ , මානව හා මූල්‍ය සම්පත් ඒකරාශි කර ඇත. කාර්ය බහුල සේවාලාභී ජනතාවට නිවසේ සිට අපගේ සේවාවන් හා සම්බන්ධවෙමින් වටිනා කාලය ඉතිරි කරගැනීමට අවස්ථාව උදාවී ඇත. මෙය භාවිත කිරීමෙන් ඔබ ලැබූ ප්‍රතිලාභයන් අපවෙත සන්නිවේදනය කරනු ඇතැයි සිතන අතර මෙහි පරමාර්ථ මුදුන්පත් කරගැනීමට ලැබේවායි පතමි.
පි.ඒ.එස්.එස්.සඳරුවන්,
ලේකම්,
වත්තල මාබෝල නගර සභාව