සෞඛ්‍ය

නිවාරණ සේවා

මහජනයා දැනුවත් කිරීම තුළින් බෝවන රෝග, වසංගත රෝග ව්‍යාප්තිය වැළැක්වීමටත් සෞඛ්‍ය වර්ධනය ඇති කිරීමත් බලාපොරොත්තු වේ. තවද ලෙඩ රෝග වැළැක්වීම සඳහා නීතිය ක්‍රියාත්මක කිරීමත්, රෝගකාරක ජීවීන් විනාශ කිරීමත්, ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීමත් මේ යටතේ සිදුවේ.

සුවකම් සේවා

ආයුර්වේද ඖෂධ ශාලා මගින් රෝගීන් පරීක්ෂා කර ඖෂධ ලබා දීම සඳහා වෛද්‍යවරුන්ගේ සහ සහයකයින්ගේ සේවාවන් ලබාගැනීමත් නොමිලයේ බෙහෙත් නිකුත් කිරීමත් සිදුවේ.

මාතෘ හා ධාරකාභිවෘද්ධි සේවා

ගර්භනී මවුවරුන් හා ළදරුවන්ගේ සනීපාරක්ෂාව ස්ථාපිත කිරීම මෙහි ප්‍රධාන කාර්යයභාරය වේ. මේ සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන් සහ පවුල් සෞඛ්‍ය නිලධාරීන් මගින් පුර්ව හා ප්‍රසව සායන පැවැත්වීම, පවුල් සෞඛ්‍ය නිලධාරීන් නිවෙස්වලට ගොස් ගර්භනී මවුවරුන් පරීක්ෂා කිරීම ඔවුන්ට උපදෙස් ලබා දීමත්, ළදරුවන්ට බෝවන රෝග වැළැක්වීම සඳහා ප්‍රතිශක්තීකරණ එන්නත් ලබා දීමත්, මේ සම්බන්ධයෙන් විවිධ ප්‍රචාරණ වැඩ සටහන් පැවැත්වීමත් සිදු කෙරේ.