පොදු වෙළඳ පොළ

පොදු වෙළඳ පොළ කළමනාකරණය හා පවත්වාගෙන යාම මෙහි මූලික පරමාර්ථය වේ. පරිභෝගිකයාට අවශ්‍ය පාරිභෝගික භාණ්ඩ නියම ප්‍රමිතියෙන් සාධාරණ මිළකට ලබා ගැනීමට හැකිවන වාතාවරණයක් වෙළඳපොළ තුල ඇති කිරීම මූලික අරමුණ වේ. පොදු වෙළඳපොළ වර්ධනය කිරීම තුළින් ස්වයං රැකියා වර්ධනය කිරීමත් ඒ තුලින් ග්‍රාමීය ආර්ථිකය වර්ධනය කිරීමත් බලාපොරොත්තු වේ. තව ද පාරිභෝගිකයාට අවශ්‍ය භාණ්ඩ තම ගම තුලින් ම සපයා ගැනීමට හැකි වාතාවරණයක් ඇති කිරීම ද බලාපොරොත්තු වේ.