වත්තල මාබෝල නගර සභා මහජන පුස්තකාලය

ඉතිහාසය

වත්තල මාබෝල නගර සභා මහජන පුස්තකාලය 1982.10.08 දින ආරම්භ කොට ඇත.  පොත් බැහැර දෙන අංශයක් හා පුවත්පත් කියවීම් අංශයක්ද දර්ශනීය ළමා අංශයක් ද පැවැතියි. තුන්වන ශ්‍රේණියේ පුස්තකාලයක්ව පැවති මෙම පුස්තකාලය 2017 ජනවාරි 24 දින දෙ‍වෙනි ශ්‍රේණියට උසස් කරන ලදී. එසේම දිනෙන් දින ප්‍රදේශයේ ජනතාවගේ මෙන්ම පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ දැනුම් පවස නිවාලමින් ජනප්‍රියත්වයට පත්වු මෙම පුස්තකාලය 2016 2022 වර්ෂයේදී තවත් පියවරක් ඉදිරියට තබමින් බස්නාහිර පළාතේ  දෙවන ශ්‍රේණියේ මහජන පුස්තකාල අතරින් හොඳම පුස්තකාලය බවට පත් විය.  2018 වර්ෂයේදී අත්තර්ජාල පරිහරනය කිරිමේ අංශයක්ද ආරම්භ  කිරිමට නියමිතය විය.